Gossips

නිදහස් පක්ෂයට නව සංවිධායකවරුන් දෙදෙනෙක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.
ඒ අනුව ගම්පහ ආසනයේ නව ආසන සංවිධායකවරයා ලෙස අජිත් බස්නායක සහ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස චමින්ද කුමාර සුදසිංහ අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් පත්වීම් ලිපි භාර ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.