පුත්තලම සහ මොණරාගල දිස්ත්‍රික්කය හැර සෙසු සියලු දිස්ත්‍රික්ක සඳහා නිදහස් පක්ෂ දිස්ත්‍රික් නායකයින් නම් කර තිබෙනවා.
ඊට අදාළ පත්වීම් ලිපිය ද ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ලබාදුන් බවයි නිදහස් පක්ෂ ගාල්ල දිස්ත්‍රික් නායක, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා ප්‍රකාශ කළේ.
