Gossips

නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන් දෙදෙනෙක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන සහ අම්පාර ආසන සඳහා නව සංවිධායකවරුන් පත්කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ හොරොව්පතාන නව ආසන සංවිධායකවරයා ලෙසට රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක පත්කර ඇති බවයි.
අම්පාර ආසනයේ නව සංවිධායකවරිය ලෙසට රාජ්‍ය ඇමතිනි ශ්‍රියාණි විජේවික්‍රම පත්කර තිබෙනවා.
ඔවුන් අද (04) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනපති අතින් සිය පත්වීම් ලිපි ලබාගත්තා.
මේ අතර හොරොව්පතාන සහ අම්පාර ආසනවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරුන් වශයෙන් ද ජනාධිපතිවරයා ඔවුන් දෙදෙනා පත්කර තිබෙනවා.