Gossips

නිදහස් දිනය ගැන ස්වදේශ කටයුතු ඇමතිට ප්‍රශ්න

පෙබරවාරි මස 4 වනදා කොළඹ – ගාලූමුවදොර පිටියේදී පැවැත්වෙන 71 වන ජාතික නිදහස් සැමරුමේ විශේෂ ආරාධිතයා ලෙස මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි සහභාගි වීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ මස 26,27,31 සහ පෙබරවාරි 1,2,3 යන දිනවලදී ගාලූ මුවදොර පිටිය අවට විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාවට නංවා ඇති බවයි.
ඒ අනුව, නිදහස් දින පෙරහුරු පැවැත්වෙන එම දිනවලදී පෙරවරු 6 යි 30 සිට පස්වරු 01 දක්වා ගාලූමුවදොර මාර්ගය, කොල්ලූපිටිය මංසන්ධියේ සිට කොටුව ලෝටස් වටරවුම දක්වා වසා තැබෙනු ඇති.