Gossips

නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලිය මාර්තු 6

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගී වන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස තරගාවලිය ලබන මාර්තු මස 6 වනදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
තරඟ 7 කින් සමන්විත මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ අවසන් මහා තරගය මාර්තු 18 වනදා පැවැත්වෙන අතර, ඊට එක්වන ඉන්දීය සහ බංග්ලාදේශ කණ්ඩායම් මාර්තු මස 4 වනදා දිවයිනට පැමිණෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
මේ අතර බංග්ලාදේශයේ පැවති පන්දු වාර විස්සයි විස්ස තරගාවලිය අතරතුර ආබාධයට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුසංක හෙට පැවැත්වෙන එම්.ආර්.අයි. ස්කෑන් පරික්ෂණයෙන් අනතුරුව තරගාවලියට එක් වන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීමට නියමිතයි.