Gossips

නිදහස් කුසලානයේ, ශ්‍රී ලංකා – බංග්ලාදේශ සටන අද

නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියේ තුන්වන තරගය ලෙස ශ්‍රී ලංකාව අද බංග්ලාදේශය සමඟ තරඟ වදිනවා.
තරඟය අද රාත්‍රී 7ට ආරම්භ වන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදියි.
ඉන්දියාවට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා පිළ නව ජීවයකින් යුතුව අද තරඟයට පිවිසෙන අතර බංග්ලාදේශ පිළ පසුගිය කාලය තුළ පසුබෑමකට ලක්වූ බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.
අද තරඟය සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යවන බලඇණිය ශක්තිමත් කිරීම සඳහා සුරංග ලක්මාල් යෙදවීමට ඉඩ ඇති බව ද සඳහන්.
අද තරඟය පිළිබදව අදහස් දැක්වූ ශ්‍රී ලංකා පිළේ වේග පන්දු පුහුණුකරු රුමේෂ් රත්නායක කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දැන් සිය කුසලතා නිදහසේ එළිදැක්වීමට අවස්ථාවක් ලබාදී ඇති බවයි.
Sri Lanka (probable):
1 Danushka Gunathilaka,
2 Kusal Mendis,
3 Kusal Perera,
4 Dinesh Chandimal (capt & wk),
5 Upul Tharanga,
6 Dasun Shanaka,
7 Thisara Perera,
8 Jeevan Mendis,
9 Akila Dananjaya,
10 Dushmantha Chameera,
11 Nuwan Pradeep / Suranga Lakmal
Bangladesh (probable):
1 Tamim Iqbal,
2 Soumya Sarkar,
3 Liton Das,
4 Mushfiqur Rahim (wk),
5 Mahmudullah (capt),
6 Sabbir Rahman,
7 Mehidy Hasan,
8 Mustafizur Rahman,
9 Taskin Ahmed,
10 Rubel Hossain,
11 Nazmul Islam