Gossips

නිදහස් කුසලානයේ බලාපොරොත්තුව ඉහළ නංවමින් ක්‍රිකට් පිටියෙන් සමුගත් සුපිරි නායකයා යළි ශ්‍රී ලංකා පිල සමඟ එක්වෙයි

නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබදව කළමණාකරු අසංක ගුරුසිංහ ඉන්දීය වෙබ් අඩවියක් සමග සම්මුඛ සාකච්චාවකට එක්ව තිබුණා.
එම සාකච්චාවේදී ඔහු ශ්‍රී ලංකා සංචිතය පිළිබද මෙලස අදහස් දක්වා තිබුනා.
"දැන් අපේ පිතිකරුවෝ පන්දු යවන්නෝ අතරේ ලොකු තරඟයක් තියනවා,ඒ තරඟය නිසා හැම අවස්ථාවේම ක්‍රීඩකයන්ට දක්ෂතා අතරේ ඉන්න ඕන.ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හොඳ දෙයක් මේක.අපිට අවශ්‍ය වුනේ මේ තත්වය හදා ගන්න තමයි, දික්වැල්ල එළියට ගිය එක ගැන ඇත්තටම දුකයි, ඒත් කුසල්ගේ පැමිණීම එක්ක කවුරු හරි එළියෙන් තියන්න ඕන. දික්කා මේ වෙලාවේ සංචිතයේ නැති වුනාට ඔහු අපේ සැලසුම් වල මුලින්ම ඉන්න දක්ෂ තරුණ ක්‍රීඩකයෙක්."
ලසිත් මාලිංග පිළිබඳව ද අසංක ගුරුසිංහ අදහස් දක්වා තිබුණා.
"මාලිංග අන්තිම දවස් කීපයේ T20 තරඟ වල දක්ෂතා පෙන්නුවා තමයි හැබැයි ඔහු පහුගිය මාස 2 බැලුවොත් වැඩිය ක්‍රිකට් ක්‍රීඩා කරලා නෑ.මාලිංග ලොකු සිත් තැවුලෙන් ඉන්නවා කියල මම දන්නවා,ඔහු මාත් එක්කත් කතා කළා, හැබැයි ලක්මාල්, ප්‍රදීප් කණ්ඩායමට පැමිණීම එක්ක මාලිංගට මේ සංචිතයට එන්න අමාරුයි. අපි එක තරඟාවලියක් ගැන හිතල සැලසුම් හදන්න අවසථාව දෙන්න අමාරුයි. අපේ සැලසුම තියෙන්නේ ලෝක කුසලානය ඉලක්ක කරගෙන. ඒ නිසා මම හිතන්නේ මාලිංග නැවත දක්ෂතා අතරට ආවොත් කණ්ඩායමට එයි. මාලිංග වුනත් දන්නවා එයා පහුගිය කාලේ හොඳ දක්ෂතා අතරේ හිටියේ නෑ කියල."
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් සමඟ පසුගිය දින වල මහේල ජයවර්ධනද එකතු වූ බව ගුරුසිංහ පවසන අතර ඔහුගේ අත්දැකීම් කණ්ඩායමට මහත් ප්‍රයෝජනයක් වනු ඇති බවද ගුරුසිංහ පවසා ඇතිබව සඳහන්.
"අපි මහේලගෙන් ඉල්ලුවා අපේ පුහුණුවීම් එකක් එකතු වෙන්න කියල,ඔහු ගොඩක් කැමැත්තෙන් ඒකට එකඟ වුනා.මහේල කියන්නේ T20 තරඟ කරලා ලබපු අත්දැකීම් වලින් වගේම T20 පුහුණු කිරීම් වලිනුත් උඩම ඉන්න කෙනෙක්,ඒ දේවල් එක්ක මහේලට වඩා හොඳ කෙනෙක් නෑ අපේ අයට උපදෙස් ගන්න."
මහේල ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් සමඟ එකතුවී කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පළමු පන්දුවාර හයේ ක්‍රීඩා කළ යුතු අකාරය පිළිබඳව විශේෂ උපදෙස් ලබාදුන් බවද ගුරුසිංහ පැවසුවා.