Gossips

නිදහස් කුසලානයේ ඇරඹුමේ ම කුසල් දෙවරක් දෙවෙනියට වාර්තාපොතට එක්වූ හැටි මෙන්න

නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සමාරම්භක තරඟයෙන් ඉන්දියාව පරදවා කඩුලූ 5ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.
මෙහිදී කුසල් ජනිත් පෙරේරා පන්දු 37කට ලකුණු 66ක් රැස් කළා.
කුසල් මෙහිදී ලබාගත් අර්ධ ශතකය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු විස්සයි විස්ස තරගයකදී ලබා ගත් දෙවන වේගවත්ම අර්ධ ශතකය වනවා.
ඔහු සිය අර්ධ ශතකය ලබා ගත්තේ පන්දු 22ක් තුළදියි.
සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර වේගවත්ම අර්ධ ශතකය ලබා ගත් පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්ව සිටිනවා.
ඔහු එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ පන්දු 21ක් තුළයි.
මේ අතර මෙය ඉන්දියාවට එරෙහිව 20 යි 20 තරඟයකදී ක්‍රීඩකයෙකු රැස්කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ද ඉතිහාසයට එක්වූවා.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rn
rn
rnrn
rn