Gossips

නිදහස් කුසලානයේ අවසන් මහා තරගයට බංග්ලාදේශය සුදුසුකම් ලබයි

නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට බංග්ලාදේශය අද සමත්වුනා.
ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින්.
කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 159 ක් ලබාගත්තා.
කුසල් මෙන්ඩිස් ලකුණු 11 යි.
දසුන් ශානක කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.
ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 40කින් වේගවත් ලකුණු 61 ක් ලබාගත්තා.
නායක තිසර පෙරේරා පන්දු 38 කින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 58ක්.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව හෝ පසුකර යාමට අවස්ථාවක් ලාබුනේ නැහැ.
පන්දු යැවීමේදී මුස්ටෆිසුර් රහ්මාන් කඩුලු 2 ක් බිඳහෙලුවා.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 19 යි පන්දු 5ක් අවසානයේ කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
මහමුදුල්ලා නොදැවී වේගවත් ලකුණු 43 ක් ලබාගත්තේ පන්දු 18 කින්. හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් ද ඊට ඇතුලත්.
තමින් ඉක්බාල් ලකුණු 50 යි.
මුශ්ෆිකර් රහීම් ලකුණු 28 ක් සහ සබීර් රහ්මන් ලකුණු 13 ක් ලබාගත්තා.
පන්දු යැවීමේ දී අකිල ධනංජය කඩුලු දෙකක් බිඳහෙලුවා.
මේ අනුව නිදහස් කුසලාන 20 යි 20 තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර ලබන ඉරිදා (18) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.