Gossips

නිදහස් කුසලානයේදී ශ්‍රී ලංකාවට ප්‍රබලම ක්‍රීඩකයෙක් අහිමි වෙයි

ලබන 6වෙනිදා ආරම්භ වන නිදහස් කුසලාන විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට අහිමි වී තිබෙනවා.
ඒ ඔහුගේ අබාධය තවමත් සුව නොවීම හේතුවෙන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වයට දන්වා ඇත්තේ මැතිව්ස් තවමත් සම්පූර්ණ සුවය ලබා නැති බවයි.
මේ අනුව නිදහස් කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවනු ඇති.
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගි වන නිදහස් කුසලාන විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ලබන මාර්තු 06 වන දා සිට 18 වන දා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මෙම තුන්කොන් තරඟාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක විරාට් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා සහ හාර්දික් පාණ්ඩ්‍යා යන ප්‍රබලතම ක්‍රීඩකයන් 05 දෙනා ඇතුළත් නොවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
මේ අතර එම තරඟාවලියට එක්වන ඉන්දීය සංචිතය ඊයේ ප්‍රකාශ කළා.
ඉන්දීය සංචිතය පහතින්.
Rohit Sharma (Captain),
Shikhar Dhawan (vice-captain),
KL Rahul, Suresh Raina,
Manish Pandey,
Dinesh Karthik (wk),
Deepak Hooda,
Washington Sundar,
Yuzvendra Chahal,
Axar Patel,
Vijay Shankar,
Shardul Thakur,
Jaydev Unadkat,
Mohammad Siraj,
Rishabh Pant (wk)