අඛණ්ඩව තරඟාවලි කිහිපයකටම සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විට විවේකයක් ලැබී තිබෙනවා.
ඒ නිදහස් කුසලාන තරඟාවලියෙන් අනපේක්ෂිත ලෙස ඉවත් වීමට සිදුවීමත් සමඟයි.
ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ අනුව ජුනි මාසය තෙක් මාස දෙකක විවේකයක් ලැබී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම යළි තරඟාවලියක් සඳහා ජාත්‍යන්තර පිටියට පිවිසෙන්නේ ලබන ජුනි මාසයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී ආරම්භවන ටෙස්ට් තරඟාවලියෙන්.
