71 වන ජාතික නිදහස් දින උළලේ පෙරහුරු පැවැත්වෙන මේ මස 26,27,31 සහ පෙබරවාරි 1,2,3 යන දිනවලදී විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකදී රථ වාහන කොට්ඨාශය සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ මේ හේතුවෙන් අදාළ දිනවලදී උදෑසන 6 යි 30 සිට දහවල් 01 දක්වා කොල්ලුපිටිය හන්දියේ සිට ගාලුමුවදොර මාර්ගය, කොටුව – ලෝටස් වටරවුම දක්වා වසා තැබෙන බවයි.
