නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද ලබන සියලූදෙනා මාතෘ භූමිය වෙනුවෙන්ද සිය වගකීම් ඉටුකළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ අභිනව ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය සිසු අයිතියට පවරාදීමේ උත්සවයට අද එක්වෙමින්.
නිදහස් අධ්‍යාපනය පසුගිය වසර 3 ක කාලය තුළදී පුළුල් ලෙස ශක්තිමත් කර ඇති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
මේ අතර අදට යෙදී තිබෙන ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියා මෙන්ම අවිහිංසාවාදයේ පියා ලෙස ලොව පුරා ප්‍රචලිත මහත්මා ගාන්ධිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් එතුමන්ගේ ආලේඛ්‍ය චිත්‍රයක් නිරාවරණය කිරීම ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා.
අනතුරුව ඊට ජනාධිපතිවරයා විසින් පුෂ්පෝපාහර දැක්වූ අතර, එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු ඇතුලූ පිරිසක් එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.