ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට ලොව ඉහළ පිළිගැනීමක් හිමිවී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගම්පහ – හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ 75 වන සංවත්සර උත්සවයට අද එක්වෙමින්.
මේ අතර දෘෂ්‍යාබාධිත නිවුන් දැරියන් දෙදෙනෙකුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක පරිත්‍යාගයක් සිදුකිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් අද ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා.
ඔවුන් මුන්දලම සිංහල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා උසස් පෙළ සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ උසස් අධ්‍යාපනය ලබනවා.
rn