Gossips

නිදන් හොරු ඇල්ලූ CIA මෙහෙයුම

හිරු සී.අයි.ඒ. හරහා ඊයේ (27) අප හෙළි කළේ පුත්තලම දිස්ත්‍රික්කයේ කුඹුක්ගල්ල වන්නියාගම රක්ෂිතයේ නිදන් සෙවීම සදහා කැනීම් සිදුකළ කොල්ලකරුවන් පිරිසක් පිළිබදවයි.
පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මෙම කොල්ලකරුවන් වැටලීම සඳහා මෙහෙයුමක් දියත් කළේ හිරු සි.අයි.ඒ. ලබාදුන් තවත් සාර්ථක තොරතුරකට අනුවයි.
දින ගණනාවක් රක්ෂිතය තුළ නිදන් කොල්ලකරුවන්ගේ ක්‍රියාකලාපය මනාව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අදාළ වැටලීම සිදු කෙරුණා.
නිධානය ලබාගැනීම සදහා කොල්ලකරුවන් බහිරව පූජාවක් ද සිදුකර තිබූ අතර, බිලිදීමට ගෙන ආ කුකුළෙක් ද පොලිසිය විසින් සොයාගනු ලැබුවා.
කොල්ලකරුවන් පැරණි චෛත්‍යයක් තිබූ බවට සැක කෙරෙන එම ස්ථානයේ ගැඹුරට කැනීම් කර තිබුණා.
නිධානය ලබා ගැනීමට පැමිණි යකැදුරා කපුවා ලෙස පෙනී සිටි පුද්ගලයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පරස්පර අදහස් පළ කළා.
හිරු සී.අයි.ඒ. ලබාදුන් තොරතුරු අනුව පානදුර වළාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමල් ප්‍රශාන්තගේ අධීක්ෂණය යටතේ සිදුකළ මෙම මෙහෙයුමේදී නිදන් කොල්ලකරුවන් 5 දෙනෙකු නීතියේ රැහැනට කොටුකර ගැනුණා.
සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත තිබෙනවා.