Gossips

නිදන් හෑරූ දෙදෙනෙකු කරදියනාරුවේදී අත්අඩංගුවට

කරදියනාරු, පන්කුඩාවේලි ප්‍රදේශයේ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණිම් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඔවුන් කැණීම් කිරීම සදහා යොදා ගත් උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මහනුවර සහ රාජගිරිය ප්‍රදේශවල පදිංචි 40 හැවිරිදි සහ 45 හැවිරිදි පුද්ගලයන් වන අතර ඔවුන් අද එරාවුර් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.