Gossips

නිදන් හෑරු ස්ථානයක් පොලිසිය වටලයි

බෙලිඅත්ත, මාදොලවත්ත ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස නිදන් කැනීමේ කටයුතු සිදුකළ ස්ථානයක් පොලීසිය විසින් වටලා තිබෙනවා.
එහිදී නිදන් හැරීමට භාවිතා කළ පුපුරන ද්‍රව්‍ය ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් පලා ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.