භූගත වස්තුන් සොයන ස්කෑනර් යන්ත්රයක් පොලිස් භාරයට ගැනීමට වවුනියාව පොලිසිය සමත්ව තිබෙනවා.
ලද තොරතුරක් මත ඊයේ (11) පෙරවරුවේ කළ වැටලීමකදී වවුනියාව, කොක්එළිය ප්රදේශයේ සඟවා තිබියදී මෙම ස්කෑනර් යන්ත්රය සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
පොලිස් භාරයට ගත් ස්කෑනර් යන්ත්රය සමඟ එය සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 40 පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ස්කෑනර් යන්ත්රය වවුනියාව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
ඡායාරූප – වවුනියාව, මාධව කුලසේකර