නිති විරෝධී ලෙස සිංගප්පූරුවේ සිට ජීවී මත්ස්‍යයින් තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලංකික ගුවන් මඟියෙක් අද (13) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල ,මහමෝදර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු විසින් මෙලෙස රැගෙන ආ මත්ස්‍යයින් තොගයේ වටිනාකම රුපියල් 3,20000 පමණ වන බවයි රේගු නිලධාරීන් පැවසුවේ.
සැකකරු ඇරවානා වර්ගයේ මත්ස්‍යයින් 10 ක් සහ කොයි කාෆ් වර්ගයේ මත්ස්‍යයින් 14 දෙනෙකු නීතිවිරෝධී ලෙස මෙලෙස රැගෙන විත් තිබු බවයි රේගුව වැඩිදුරටත් සදහන් කළේ .
අත්අඩංගුවට ගත් මත්ස්‍යයින් තොගය රේගු නිලධාරින් විසින් කටුනායක ගුවන් තොටුපොළ සත්ව නීරෝධායන ආයතනයේ නිලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ වහාම මෙම මත්ස්‍යයින් තොගය සිංගප්පූරුව වෙත ප්‍රති අපනයනය කිරීමටයි.
( ඡායාරූප – ටී.කේ.ජී කපිල )
