ලබන 31 වනදා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිළවරණයේදී තමන් ඇතුළු කණ්ඩායමට නිතරග ජයක් හිමිවනු ඇති බවට විශ්වාසය පළ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා.
අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (19) විශේෂ මහා සභා රැස්වීමක් කැදවා තිබුණේ මේ මස 31 වනදා පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණයට අදාළ විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සිය සාමාජිකයින් දැනුම්වත් කිරීම සදහායි.