Gossips

නිට්ටඹුව නගරයේ වෙළඳසැලක ගින්නක්

නිට්ටඹුව නගර මධ්‍යයේ පිහිටි ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ අලෙවිසැලක අද පස්වරුවේ ගින්නක් හට ගත්තා.
මහල් දෙකකින් යුත් මෙම ගොඩනැගිල්ලෙහි ඉහළ මාලයේ ගින්න ඇති වී තිබෙන බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
ගින්න මැඬ පැවැත්වීම සඳහා ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යොදවා තිබෙනවා.
ගින්න හේතුවෙන් නිට්ටඹුව නගරය අවට රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.