මාර්ග අංක 180 – නිට්ටඹුව – කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් මේ වන විට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, පොලිස් රථ වාහන අංශයේ නිලධාරියෙකු යක්කල ප්‍රදේශයේදී බස් රථ සේවකයෙකුට පහර දී ඇතැයි කියන සිද්ධියකට විරෝධය පළ කරමින්.
සිද්ධියෙන් තුවාල ලැබූ බස් රථ සේවකයා මේ වන විට ගම්පහ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළා.
