Gossips

නිට්ටඹුවේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට – තුන්දෙනෙකුට තුවාල

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව – කළල්පිටිය ප්‍රදේශයේදී වැලි පැටවූ ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 73 සහ 71 යන වයස්වල පසුවූ පස්යාල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක්.
අනතුරෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් තුන්දෙනා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.