සම්බුදු ශාසනයේ සුරක්ෂිතභාවය උදෙසා වැදගත් පියවරකට යොමුවූ සුපින්වත් දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක පොහොය ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත්වනවා.
ශාසනික ප්‍රතිපත්තිවලට අනුව භික්ෂූන් වහන්සේලා පසුවස් එළඹෙන්නේ නිකිණි පොහොය දින බව සදහන්.
වස්සාන කාලයේදී භික්ෂූන් වහන්සේලා පෙර වස් හෝ පසු වස් සමාදන්වීම අනිවාර්යෙන්ම කළ යුතු බුද්ධ නියමයක්.
කඨින චීවරයක් ලබා ගැනීමට අයිතිය ඇත්තේ පෙර වස් විසූ මහා පවාරණයන් පවාරණය කරන ලද භික්ෂූන් වහන්සේලාට පමණක් බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා.
බුදුන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේ සුභද්‍ර භික්ෂුව පැවසු අභද්‍ර වචන හේතුවෙන් බුදු දහමේ චිරස්ථිතිය උදෙසා මහා කාශ්‍යප මහා රහතන් වන්සේගේ මුලිකත්වයෙන් 500ක් රහතන් වහන්සේලා විසින් ප්‍රථම ධර්ම සංඝායනාව රජගහ නුවර සප්තපන්නි ගල් ගුහාව අසල ආරම්භ කළේද අදවන් දිනකයි.
ඒ සඳහා අජාසත්ත රජු රාජ අනුග්‍රහය සැපයුව බව සදහන්.
පන්චසතිකා නමින් හැඳින්වෙන මෙම සංඝායනාවේදී ත්‍රිපිටකය වෙන වෙනම මුඛ පරමපරාගතව රැක ගැනීම සඳහා ප්‍රධාන භික්ෂුන් වහන්සේලාට පවරනු ලැබුවා.
එමෙන්ම බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථාදායකයාවූ ආනන්ද තෙරුන් රහත්බව ලැබුයේ අදවන් දිනකයි.