Breaking Gossips Politics

නැවත ආණ්ඩුව පෙරලන්න සීතල ගේම් ගහන මංගලගේ සහචරයෝ…

නැවත ආණ්ඩුව පෙරලන්න සීතල ගේම් ගහන මංගලගේ සහචරයෝ…

පරිසර මංකොල්ලය සහ පළාත් සභා විරෝධය උස්සමු…

මේ වනවිටත් 2015ට කලින් ක්‍රියාත්මක වූ මඩ බල ඇණිය නුගේගොඩ සංහිඳ වෙත රෑට රෑට රැස්වී මේ ආණ්ඩුව පෙරලීමේ නව කුමණ්ත්‍රණ වල යෙදී ඇති බව සංහිඳ ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මංගල සමරවීරගේ වෙබ් මඩ බලකායේ ප්‍රභලයෙක් රුවන් ෆර්ඩිනැන්ඩස් මෙහි මුලසුන දැනටමත් දරා ඇති බව සඳහන්… ඔහු සමඟ අසංක මහගමගේ, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, ශිරාල් ලක්තිලක, බන්දුල චන්ද්‍රසේන වැනි අය දින දෙකකට වරක් එකතු වෙමින් මේ ආණ්ඩුව කෙරෙහි වූ ජනතා ප්‍රසාදය අවම කිරීමට අදාල වන සයිබර් ක්‍රියාන්විතය දරුණු ලෙස ක්‍රියාත්මක කරන බව සඳහන්… රන්ජිත් කීර්ති තෙන්නකෝන් හිටපු ආණ්ඩුකාරවරයාද, තුසිත හල්ලොලුව නම් සුප්‍රසිද්ධ ඩීල් කරුවාද මෙම ක්‍රියාවලියට සම්භන්ධ වෙමින් සිය සැලසුම් ක්‍රියාවට නංවමින් සිටී.

රාජපක්ෂ කඳවුර තුල ඇති ජාතිකවාදය විකුණා කමින් තම පැවැත්ම ගොඩ නඟාගන්නන්ගේ සටන් පාඨ වන පළාත් සභා විරෝධය සහ පරිසර විනාශය පිළිබඳ කතිකවත් මාකට් කිරීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති අතර පළාත් සභා අනවශ්‍ය යැයි දරුණු සමාජ කතිකාවතක් ඇති කිරීම මූලික ක්‍රියාවලිය ලෙස සටහන් කරගෙන ඇත. ඒ තුල ආණ්ඩුව තුල පළමු බෙදීම සහ දෙදරීම ඇති කල හැකියැයි ඔවුන් විශ්වාස කරන බවද සැලයි..

කෙසේ වෙතත් මෙම ක්‍රියාවලි තුල කටයුතු කිරීම තුල තම අරමුණු ඉටු නොවන්නේ නම්, පළාත් සභා මැතිවරණය ඉලක්ක කර දරුණු සයිබර් ත්‍රස්තවාදයක් ව්‍යාප්ත කිරීමටද කටයුතු කිරීමට මෙම කල්ලිය සම්මුතියකට එලැඹ ඇත.

හිටපු ඇමති මංගල සමරවීර විසින් මෙහි බරපැන සියල්ල භාරගෙන ඇති අතර, ඒ සඳහා අවශ්‍ය ඕනෑම සහයක් දීමට රන්ජිත් කීර්ති තෙන්නකොන් විසින්ද සහාය පල කර ඇත.