Gossips

නැගෙනහිර සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම් කාලගුණයක්

අද සහ හෙට දිනවල නැගෙනහිර පළාතේ බොහෝ ස්ථානවල සහ පොළොන්නරුව, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මේ පිළිබදව ජනතාව අවධානය යොමු කළ යුතු බවයි.
මෙම තත්වය හේතුවෙන් වැඩ බිම් තුල සේවය කරන පිරිස්වලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙන්නේ ප්‍රමාණවත් ලෙසට ජලය පානය කරන ලෙසටයි.
එමෙන්ම සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසට ද උපදෙස් දෙනවා.
නිවෙස් තුලදී වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.
වාහන තුල කුඩා ළමුන් තනිව රඳවා නොයෙන ලෙසට ද උපදෙස් දී තිබෙනවා.
එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු අතර සෙවණ ඇති ස්ථානවල රැඳෙන ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.
එමෙන්ම ප්‍රමාණවත් ලෙසට ජලය පානය කරන ලෙසට ද එළිමහනේ සිටින ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබෙනවා.
මේ අතර අද පස්වරුවේ ඌව, නැගෙනහිර පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.