Gossips

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නව ව්‍යවහාරික විද්‍යාපීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නව ව්‍යවහාරික විද්‍යාපීඨ ගොඩනැගිල්ල අද පස්වරුවේ සිසු අයිතියට පත් කෙරුණා.
ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින්.
නැගෙනහිර විශ්වවිද්‍යාලය වෙත ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් මහත් හරසරින් පිළිගත්තා.
එහිදී ජනාධිපතිවරයා අතින් නව ව්‍යවහාරික විද්‍යාපීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරුණු අතර, සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිකර ඇති එම ගොඩනැගිල්ල සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 410 ක්.
ජනාධිපතිවරයා නව සංවිධිත ශ්‍රවනාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ද එක්වුණේ ඉන් අනතුරුවයි.
ඒ සදහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 784 ක්.
නැගෙනහිර විශ්විද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපය වෙත පැමිණි ජනාධිපතිවරයා වෙත මණ්ඩාධිපති ආචාර්ය වී. කනගසිංහම් මහතා විසින් සමරු තිළිණයක් ද පිරිනැමුණා.
විපක්ෂ නායක ආර්ග සම්බන්ධන් මහතා, ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් හා පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.