නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපය තාවකාලිකව වසා දමා තිබෙනවා.
එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සදහන් කළේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් මේ දිනවල සිදුකරන පන්ති වර්ජනය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපයට අදාළ සන්නිවේදන හා වාණිජ අධ්‍යයන පීඨ මෙලෙස වසා දැමීමට තීරණය කර තිබෙනවා.