හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉදිරි පැය කිහිපය තුළදී පැයට කිලෝමීටර් 70 – 80 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය මීට හේතුව බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශවලට තද වැසි ද අපේක්ෂා කරනවා.
මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසයි එම ප්‍රදේශවල සිටින ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
