Gossips

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමට එරෙහි නඩුව කල් යයි

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ඔක්තොම්බර් මස 22 වනදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක අද නියෝග කළා.
ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ රුපියල් ලක්ෂ 37කට අධික මුදලක් ගෙවීමට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා, මහ කොමසාරිස් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් වටවල හිතාමතා පෙළඹවීම ඇතුළු චෝදනා යටතේ මෙම නඩුව පවරා තිබෙනවා.
2006 වසරේ අගෝස්තු මාසයේදී බ්‍රිතාන්‍යයේ පැවති ගැණුම්කරුවන්ගේ සමුළුවකට සහභාගි වී මහා භාණ්ඩාගාරය නිකුත් කර ඇති චක්‍රලේඛ වලට පටහැනිව මෙම ක්‍රියාව සිදු කර ඇති බවටයි චෝදනා වල දැක්වෙන්නේ.
අද දිනයේ ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම අධිකරණයේ පෙනී සිටි අතර ඔහු ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන මෙලෙස නඩු විභාගය කල් තබනු ලැබුවා.