Gossips

නැගෙනහිර පර්යන්තය සංවර්ධන යෝජනාවට කැබිනට්ටුවට ඉදිරිපත් කළේ මම – ඇමති මහින්ද සමරසිංහ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකළ බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා.
නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සදහා වන යෝජනා 4 ක් සම්බන්ධයෙන් තමන් අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවයි.
ඒ අනුව, සියයට 100 ක් වරාය අධිකාරිය යටතේ එම සංවර්ධන කටයුතු සිදුකිරීමට නියමිත බවයි අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ.