Gossips

නැගෙනහිර, ඌව සහ උතුරට වැසි වැඩිවෙයි

නැගෙනහිර, ඌව සහ උතුර පළාත්වලට අද පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරුමැද සහ සබරගමුව පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.