නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම ගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ඒ ඔවුන් දෙදෙනාට එරෙහිව කාන්තාවක් විසින් කුරුදුවත්ත පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව විභාග වන නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.
තමන්ට පහරදීමට තැත් කළ බවට සහ රුපියල් 25,000 ක මුදලක් පැහැර ගැනීමට තැත් කළ බව පවසමින් කාන්තාවක් විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.
ඊට අදාළව අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබූ නමුත්, ඔවුන් දෙදෙනා අද අධිකරණයේ පෙනී සිට නැහැ.
ඒ අනුවයි, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කුරුඳුවත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කර ඇත්තේ.
