Gossips

නැගී එන ක්‍රිකට් තරඟ කිහිපයක් ශ්‍රී ලංකාවේ

පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහභාගි වන තරඟ සහ අවසන් මහා තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ලාහෝරය සහ කරච්චියේ පැවැත්වෙන තරඟ වලට ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලූ නිසා ඉන්දියාව සහභාගි වීමට අකමැත්ත පළ කිරීම ඊට හේතුවයි.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය මෙහි සත්කාරකත්වය දරන අතර, ඒ කාණ්ඩයට ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය සහ ඕමානය ඇතුළත්.
පාකිස්තානය, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොංකොං බී කාණ්ඩයට ඇතුළත් වනවා.
ඒ කාණ්ඩයේ සියළු තරඟ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර, බී කාණ්ඩයේ තරඟ පාකිස්තානයේ පැවැත්වීමට නියමිතයි.