Gossips

නැගණියට අතවර කළ සොයුරා අත්අඩංගුවට

තම නැගණිය වරින් වර අතවරයට ලක්කළ සොහොයුරෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දුම්මලසූරිය ඉහළ වීරකොඩියාන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.
සැකකාර තරුණයා විසින් තම 16 හැවිරිදි නැගණිය මෙලෙස වරින් වර අතවරයට ලක්කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
පසුව එම දැරිය විසින් මෙම සිදුවීම පිළිබඳව තම පාසලේ ගුරුවරියක් දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව ගුරුවරිය මාර්ගයෙන් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුවයි සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔහු මෙලෙස වසර හයක කාලයක් පමණ තම නැගණිය වරින් වර අතවර කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කුලියාපිටිය මහෙස්‌ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියම කර තිබෙනවා.
දුම්මලසූරිය පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.