Gossips

නැකතට හිස තෙල් ගෑ අලි

උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අද (17) පූර්ව භාග 7.40 ට යෙදී තිබූ සුබ මොහොතින් සිදු කෙරුණා.
පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් මිශ්‍ර නානු ගා, හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කළ යුතු බවයි නැකැත් චාරිත්‍රවල දැක්වුණේ.
මේ අතර අලි ඇතුන්ගේ හිස තෙල් ගෑමේ උත්සවයක් පින්නවෙල අලි අනාථාගාරයේදී අද (17) පැවැත් වුණා.