Gossips

නාසා හිරු ගමන කල් යයි

හිරු වෙත ඍජුව ගමන් කරන ප්‍රථම අභ්‍යවකාශ යානය උඩු ගුවන බලා නික්මීම දිනකින් පමා කිරීමට ඇමරිකානු නාසා ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඒ, ඩොලර් බිලියන 1.5 ක පිරිවැයකින් නිෂ්පාදනය කළ පාකර් සූර්ය ගවේෂකයේ කාර්මික දෝෂයක් හේතුවෙන්.
එහෙත් හිරුගේ අවකාශයේ අභිරහස් සොයා එම යානය හෙට දිනයේ යැවීමට හැකිවනු ඇති බවයි නාසා ආයතනය විශ්වාසය පළ කළේ.
පාකර් හිරු ගවේෂණ යානය උඩුගුවනට යවනු ලබන්නේ මෙතෙක් නිර්මිත විශාලතම රොකට්ටුව උපයෝගී කරගනිමින්.
එය තත්පරයකට කිලෝමීටර 190 ක වේගයකින් ගමන් ගන්නා පාකර් යානය හිරුට කිලෝමීටර මිලියන 6.12 ක් ආසන්නයට ගමන් කරන අතර, එහිදී සෙන්ටිගේ‍්‍රඩ් අංශක 1300 ඉක්මවූ උෂ්ණත්වයකට මුහුණදෙනු ඇති.