Gossips

නාස්තිය සහ දූෂණයට එරෙහි ජනතා අදහස් ලබාගැනීමේ ජාතික වැඩසටහන ඇරඹේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ් සංකල්පයක් පරිදි ක්‍රියාත්මක නාස්තිය සහ දූෂණයට එරෙහි ජාතික වැඩසටහනේ ආරම්භය අද සිදු කෙරුණා.
ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සිදු කෙරෙන මෙම කටයුත්තේදී අල්ලස, දූෂණය සහ වංචාවට එරෙහි පුළුල් දේශපාලන සහ සමාජ සංස්කෘතියක් ගොඩනැගීම, පරිපාලන පද්ධති බලගැන්වීම සහ ශක්තිමත් කිරීම, නීති පද්ධති සහ නීතිය පසිඳලීමේ ආයතන විධිමත් කිරීම සිදුකෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
011 2 431 502 යන ෆැක්ස් අංකයෙන් හෝ "නාස්තිය සහ දුෂණයට එරෙහි ජාතික වැඩසටහන" ජනාධිපති කාර්යාලය, කොළඹ 01. යන ලිපිනයෙන් මෙම වැඩසටහනට ජනතා අදහස් යොමු කළ හැකියි.
[email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ ද අදහස් යොමුකල හැකි අතර මේ පිලිබඳ වැඩිදුර තොරතුරු 076 4654600 දුරකථන අංකය ඔස්සේ නීතීඥ රජික කොඩිතුවක්කු හෝ 077 5770882 දුරකථන අංකය ඔස්සේ අ.නි.ර. අමරතුංග සම්බන්ධකර ගැනීමෙන් ලබාගත හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.