Gossips

නාවුල අනතුරකින් දෙදෙනෙකු මරුට

නාවුල – ලග්ගල – පල්ලේගම – කළුගඟ නව මාර්ගයේ මහවැලි කාර්යාලය අසළ දී ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටී ඊයේ සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
වයස අවුරුදු 22ක් සහ 19ක් වන මෙම තරුණයන් දෙදෙනා මහවෙල – රතලවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
අනතුරෙන් බරපතල තුවාල සිදුවූ පසු ඔවුන් දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා මිය ගොස් තිබෙනවා.