Gossips

නාවික හමුදා සෙබළෙකු සියදිවි හානි කරගනී

යාපනය – කන්කසන්තුරේ – උත්තර නාවික හමුදා කඳවුරේ සෙබළෙකු රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු මීට මාස කිහිපයකට පෙර නාවික හමුදාවට එක්වූ අයෙකු බව සඳහන්.
ප්‍රේම සබඳතාවක් මුල් කරගනිමින් ඔහු මෙලෙස සියදිවි හානිකරගන්නට ඇති බවට පොලීසිය සැක කරනවා.