තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගැණුනු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු සැකකරුවන් තුන් දෙනා ලබන මස 06 වනදා දක්වා අද (23) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, සැකකරුවන් කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙම නඩුවේ 12 වන සැකකරු හදුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා අද (23) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් එය අවලංගු කෙරුණේ සාක්ෂිකරුවන් පැමිණ නොසිටීම හේතුවෙන්.
