ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් එඩිතර – 02 නෞකාවෙහි ගැටුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් ඩෙල්ෆ් දූපතට දකුණු දෙසින් වූ මුහුදේ ගිලී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
බදාදා සන්ධ්‍යාවේ මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා 30 ක් පමණ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම මුහුදු සීමාවෙන් පිටතට කැඳවාගෙන යන අවස්ථාවේදීයි.
ධීවර යාත්‍රාවල කලබලකාරි හැසිරීමත් එම අවස්ථාවේ පැවති අපැහැදිලි දෘෂ්ඨියක් හේතුවෙන් මෙම ගැටීම සිදුවූ බව සඳහන්.
ධීවර යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනා සහ එම යාත්‍රාවේ තිබූ ඇතැම් භාණ්ඩ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන තිබෙනවා.
බේරා ගත් ධීවරයන් සහ භාණ්ඩ නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේ පොලීසිය වෙත භාරදීමට නියමිතව තිබූ බව විදෙස් කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
