Gossips

නාවික හමුදා භාරයේ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 3 ක් යළි භාර දෙයි

මෙරට මුහුදු සීමාව තුළ නීති විරෝධී අන්දමින් ධීවර කටයුතුවල යෙදී සිටියදී සිය භාරයට ගනු ලැබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 3 ක් අද යළි එරටට භාරදුන් බව නාවික හමුදාව පවසනවා.
ඒවා අලූත්වැඩියා කිරීම සදහා ඉන්දියානු ඉංජිනේරුවන් පිරිසක් පසුගිය දිනවල මෙරටට පැමිණ සිටි අතර, එම අලූත්වැඩියා කටයුතු වලින් පසුවයි ඒවා ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘‘රානි දූර්ගාවතී’’ නෞකාව වෙත, ශ්‍රී ලංකාවට උතුරින් වූ මුහුදු සීමාවේදී භාර දී ඇත්තේ.