2008 සහ 2009 වර්ෂයන් හිදී කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබෙනවා.
ඒ, ඊට අදාළ නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදියි.
ඒ අනුව එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි ඔවුන් මුදාහැරීමට නියෝග කර ඇත්තේ.
