කොටහේනේ පදිංචිව සිටි දෙමළ ජාතික ව්‍යාපාරිකයින් දෙදෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී පැහැර ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් නාවික හමුදා ලූතිනන් කමාන්ඩර් කේ.ඒ.දයානන්ද රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් කේ.සී.ඒ.සමරදිවාකර හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී නියෝග කෙරුණේ ඔහුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.
2009 වසරේ ජනවාරි 11 වනදා මෙම පැහැර ගැනීම සිදුවී ඇති බව සදහන්.
