Gossips

නාවික හමුදා කැබ් රථයක් බොරලැස්ගමුවේදී ගිලන් රථයක ගැටෙයි

බොරලැස්ගමුව ප්‍රදේශයේදී අද අලුයම අසාධ්‍ය රෝගියෙකු කළුබෝවිල රෝහල වෙත රැගෙන යමින් තිබූ ගිලන් රථයක කැබ් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් ගිලන් රථයේ ගමන්කළ වෛද්‍යවරයෙකු සහ උපස්ථායකයෙකු තුවාල ලබා රෝහල්ගත කළා.
මේ අතර වෙනත් ගිලන් රථයක් ගෙන්වා එම අවස්ථාවේ කඩිනමින් අසාධ්‍ය තත්වයේ සිටි රෝගියාද රෝහල වෙත රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.
කැබ් රථය මාර්ග සංඥා නොතකමින් දෙහිවල දෙසට ධාවනය කර ඇති අතර ගිලන් රථය පිළියන්දල සිට පැපිලියාන දෙසට පැමිණ තිබෙනවා.
අනතුර සිදුවීමත් සමඟ කැබ් රථයේ රියදුරු පලා යාමට උත්සාහ දරා ඇති අතර අවට සිටි පිරිස එක්ව එම පුද්ගලයා අල්ලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු එම අවස්ථාවේ බීමතින් සිට ඇති බවටයි පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.
අදාළ කැබ් රථය වැලිසර නාවික හමුදා හමුදා කඳවුරට අයත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණය වෙත ඉදිරිපත් කර ඇප මත නිදහස් කර තිබෙනවා.