Gossips

නාවික හමුදාවේ 68 වන සංවත්සරය අදයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.
ඒ නිමිත්තෙන් විශේෂ ආගමික වතාවත් නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාළිගාවේදි සිදුකෙරුනු බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර කියා සිටියේ.
එමෙන්ම මීට පෙර 68 වන නාවික හමුදා සංවත්සරය වෙනුවෙන් ජයශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍යමහෝත්සවයක්ද පැවැත්වුණා.
ඊට සමගාමීව කතෝලික, හින්දු සහ ඉස්ලාම් ආගමික වැඩසටහන්ද පසුගියදා කොළඹදී පැවැත්වුණු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.