Gossips

නාවික හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසට ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පත්කෙරේ

නාවික හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසට ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පත්කර තිබෙනවා.
මාධ්‍ය ප්‍රකාශක ධුරයේ මෙතෙක් කටයුතු කළ කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර නව පත්වීමක් හේතුවෙන් ස්ථාන මාරුවීම හමුවේයි නව පත් කිරීම සිදුකර ඇත්තේ.
මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ඉසුරු සූරියබණ්ඩාර 2006 වසරේදී නාවික හමුදාවට එක්වී තිබෙනවා.
2008 වසරේ අධිකාරියට පත්වු ඔහු වසර 12 කට අදික කාලයක් විවිධ තනතුරු හොබවා ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.
මාධ්‍ය ප්‍රකාශක ධුරයට පත්වීමට පෙර ඉසුරු සූරියබණ්ඩාර මහතා නාවික හමුදා මූලස්ථානයේ විදේශ සබඳතා මාණ්ඩලික නිලධාරී ලෙසට කටයුතු කර තිබෙනවා.