නාවල – පරණ පාරේ පිහිටි සිව් මහල් නිවසක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා.
කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ රථ 3ක් උපයෝගී කරගෙන ගින්න මැඬ පැවැත්වූ බවයි.
ඒ සඳහා ගුවන් හමුදා ගිනි නිවන රථයක් ද උපයෝගී කර ගත් බවයි කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කියා සිටියේ.
ගින්නෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදුව ඇති බව සඳහන්.
