Gossips

නාවලපිටිය පොලිස් ස්ථානාධිපති මාරු කරන ලෙස ඉල්ලා විරෝධතාවක

නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට මාරුවක් ලබාදෙන ලෙස බල කරමින් මහනුවර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලූත්ගමගේ එම පොලීසිය ඉදිරිපිට සුදු ඉර මත වැතිරී විරෝධතාවක නිරත වනවා.
අද (10) අලූයම 5ට පමණ ආරම්භ කළ මෙම විරෝධතාව හේතුවෙන් එම මාර්ගයේ එක් මංතීරුවක ගමනාගමන කටයුතු වලට ද බාධා මතු වූ බවයි පොලීසිය සඳහන් කළේ.
මන්ත්‍රීවරයා, ගම්පොළ සහකාර පොලිස් අධිකාරීවරයා සහ කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරයා සමඟ සාකච්ඡා පැවැත්වුව ද එය සාර්ථක වී නොමැති බවයි වාර්තා වන්නේ.
පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මීට විසඳුමක් ලබාදෙන තුරු මෙම විරෝධතාව අත්නොහරින බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබෙනවා.